ලේකම් මිටි තුළින් හෙළිවන
මහනුවර යුගයේ රාජ්‍ය පාලනය
එස්. සේපාල විඡේසූරිය
මහනුවර යුගයේ රාජ්‍ය පාලනය පිළිබඳ තොරතුරු හැදැරීමේදී අග්‍රගන්‍ය මූලාශ්‍ර දෙකක් වන කඩඉම් පොත් හා ලේකම් මිටි බෙහෙවින් අගය කළ හැකිය. මෙහිලා ලේකම් මිටි වඩාත් වැදගත්ය.
මේ හැරුණවිට ලේකම් මිටිවල පර්යාය ලේඛන වශයෙන් ගැනෙන සන්නස්, තුඩපත්, සීට්ටු, පිං පත්‍ර හා විත්තිපොත් මහනුවර ඉතිහාසය ගොඩනැඟීමේලා මහෝපකාරී වෙයි. එමෙන්ම මහනුවර යුගයේ අගභාගයේ ඓතිහාසික තොරතුරු හැදැරීමට පෘතුගීසි, ලන්දේසි, තෝම්බු, බ්‍රිතාන්‍ය යුගයට අයත් ලේකම් මිටි හා කොමසාරිස් පොත් වැදගත්ය. කඩඉම් පොත් හා ලේකම්මිටිද, සන්නස්, තුඩපත්, සීට්ටු, පිං පත්‍ර, විත්තිපොත් වැනි ලේඛනද, පුස්කොළයේ ලියන ලද දුර්ලභ ගණයේ මූලාශ්රයෝය.
කඩඉම් පොත් හා ලේකම් මිටි අතර සමීප සම්බන්ධතාවක් පවතී. කඩඉම් පොත්වලින් කෙරෙනුයේ රාජ්‍ය පාලනයට අවශ්‍ය දේශසීමා ස්ථාපිත කිරීම, ඒවා සුරක්ෂිත කිරීම හා පවත්වාගෙන යැමයි. ශ්රී ලංකා ද්වීපයේ කඩඉම් පොතෙහි දැක්වෙන "මෙම ලකුණු බලා වෙනසක් නොකොට රට බෙදිය යුතු" යන මේ සඳහනින් රාජ්‍ය පාලනයේදී කඩඉම් පොත් උපයෝගී කරගත් අන්දම මනාව පැහැදිළි වේ. "මාතලේ දිසාවේ කඩඉම් ඇතුළුව මාතලේ මහ ලේකම් මිටිය ලියුවාය" මාතලේ ලේකම් මිටියෙහි සඳහන් ඉහත සඳහන් වැකිය අනුව කඩඉම් පොත් හා ලේකම් මිටි අතර පැවැති සමීප සබඳතාව තහවුරු වේ.
මහනුවර යුගයේ පැවැති රාජ්‍ය පාලනයේ පැවති විවිධ ලක්ෂණ හැදැරීමේදී ප්රමුඛ ලේඛන වශයෙන් සැලකිය හැක්කේ ලේකම් මිටිය. රාජ්‍ය ලේඛන වශයෙන් පැවැති ලේකම් මිටිවල මුඛ්‍ය පරමාර්ථය වූයේ රජයේ ඉඩම් රාජ්‍ය ආදායම්. ඉඩම් පැවරීම වැනි දේ වුවත් ඒවා තුළින් තත්කාලීන දේශපාලන, ආර්ථික, සාමාජික, රාජ්‍ය ආරක්ෂාව හා සාමයික තොරතුරු ද හෙළිවේ.
ලේකම් මිටි ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, පේරාදෙණිය විශ්වවිද්යාලය යන ආයතනවල විශේෂ සුචි අංක යටතේ තැන්පත් කර ඇත. මීට අතිරේකව විහාර දේවාල හා වලව් සන්තකයේද පවත්නා ලේකම් මිටි දක්නට ලැබේ.
මෑතක් වනතුරුම ලේකම් මිටි අධ්යයනය කෙරෙහි මෙරට විද්වතුන්ගේ අවධානය යොමුවී තිබුණේ ඉතාම අල්ප වශයෙනි.
ප්රධාන මූලාශ්රයන් වශයෙන් සැලකිය හැකි පුස්කොළ පොත් කෙරෙහි විද්වතුන් උනන්දුවක් නොදැක්වීමත්, ඔවුන් වෙනත් ශාස්ත්රීය ග්රන්ථ කෙරෙහි පමණක් උනන්දුව දක්වන බවත්, ඉඩම් භුක්තිය හා වෙනත් ආර්ථික සංවිධානය ගැන වැදගත් පර්යේෂණ පැවැත්වීමට සරු බිමක් ලෙස ලේකම් මිටි පමණක් වුවද ප්රමාණවත් බවත් මහාචාර්ය රැල්ෆ් පීරිස් සිය SINHALESE SOCIAL ORGANI'ATION - 1956 නමැති ග්රන්ථයේදී සඳහන් කරයි.
මූලාශ්රයක් වශයෙන් ලේකම් මිටිවල වැදගත්කම මින් පැහැදිළි වේ. ලේකම් මිටි යාවත්කාලීනව පවත්වාගෙන එනු ලබන බැවින් ඒවායේ විශ්වාසනීයත්වය වඩාත් තහවුරු වෙයි. සෑම රාජ්යෙදයකම මුල් බිජු ගණන් බලා ලේකම් මිටි අලුත්කර ලිවීම සම්ප්රදායක් විය. බොහෝ ලේකම් මිටිවල ආරම්භයේදී හෝ අවසානයේදී මේ බැව් සඳහන් වෙයි. සබරගමුවේ ලේකම් මිටිය, සතර කෝරළේ මහ ලේකම් මිටිය මේ සඳහා නිදසුන්ය.
බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ හිHq නෙවිල් පුස්කොළ පොත් එකතුවේ කුල නීතිය නමැති පොතේ දෙවැනි කාණ්ඩය වශයෙන් සැලකෙන ලක්විදිය නමැති කුඩා පුස්කොළ පොතේ සඳහන් "සතර ලේඛන බලා යන්න යන්න විග්රහ කරණ ජෝන් ඩොයිලි ඒ ඒ පුද්ගලයන් විසින් ඉටුකළ යුතු රාජකාරිය පිළිබඳ ලේඛන හතරක් පළාත්බද ප්රධානීන්ගේ හා කාර්යාංශ ප්රධානීන්ගේ භාරයේ පැවති බව සඳහන් කරයි. ("සිංහලේ ආණ්ඩු ක්රමය පිළිබඳ ලුහුඬු සටහන්, එච්. ඇම්. සෝමරත්න පරිවර්තනය - 2005,
විසිදුනු ප්රකාශකයෝ, බොරලැස්ගමුව,
"THE SKETCH OF THE CONSTITUTION OF THE
KANDYAN KINGDOM (JOHN DOYLY)
මෙම සතර ලේඛන පිළිබඳව විග්රහයක යෙදෙන රැල්ෆ් පීරිස් එකී සතර ලේඛන දක්වන්නේ පහත සඳහන් පරිදිය.
1. කත්හාල් ලේකම් මිටිය
කත්හාල් රාජකාරිය පිළිබඳව ලියා ඇති මෙය මහ ගබඩාවේ සුරක්ෂිතතාව තැන්පත් කර තිබුණි.
2. දිසාවේ මහ ලේකම් පොත/ මහ ලේකම් මිටිය රාජකාරි ක්රමය පිළිබඳ ලේකම් මිටියක් වන මෙය අතපත්තු නිලධාරීන් භාරයේ පැවතිණ. මෙය දිසාවගේ වලව්වේ තැන්පත් කර තිබිණ. දිසාවේ සෑම ගමක් පිළිබඳවත් ගම්වාසීන්ගේ රාජකාරි පිළිබඳවත් විස්තර මෙහි ඇතුළත්ය.
3. හී ලේකම් මිටිය
කුඹුරු පිහිටි ස්ථානවලට ගෙන යා හැකි ලෙස සකස් කර තිබූ මේ ලේකම් මිටියේ කුඹුරු පිළිබඳ සම්පූර්ණ විස්තර ඇතුළත් කර තිබිණ.
4. කාර්යංශ ලේකම් මිටිය
ශ්රමිකයන්ගේ සේවය වඩාත් කාර්යක්ෂම ලෙස ලබා ගැනීම සඳහා කාර්යංශ ප්රධානීන්ගේ ප්රයෝජනය පිණිස ලියන ලද්දකි. දුනුකාර ලේකම්මිටිය මෙවැන්නකි.
("සිංහල සමාජ සංවිධානය - මහනුවර යුගය"
විසිදුනු ප්රකාශකයෝ,
බොරලැස්ගමුව,
2001,
112 පිටුව.)
ලේකම්මිටිය මෙසේ වර්ග කළද මෙම වර්ග සතරට අයත් නොවන දළදා මාලිගාවේ ලේකම් මිටිය මහනුවර මහ දේවාලේ ලේකම්මිටිය, අලුත්නුවර දේවාලේ ලේකම්මිටිය, වලව්වල ලේකම්මිටි වැනි ලේකම් මිටිද දක්නා ලැබේ. මේ වර්ග සතරෙන් සතර කෝරළේ කත්හාල් ලේකම්මිටියේ දැක්වෙන්නේ කත්හාල් රාජකාරිය පමණි. අනිකුත් වර්ග 3 ට අයත් ලේකම් මිටිවල ඒවායේ සඳහන් විෂයයනට වඩා පරිබාහිර කරුණු ද සඳහන් කර ඇත. කෞතුකාර දෙපාර්තමේන්තුවේ J 13/1986 සූචිගත කර ඇති සතර කෝරළේ මහ ලේකම්මිටියේ ප්රධාන විෂය වන්නේ ඒ. ඒ. කෝරළපත්තු හා ගම් යටතේ පුද්ගලයන් බෙදීයැම වුවත් එහි කුඹුරු බෙදීගිය ආකාරයත්, රාජ භාණ්ඩාගාරයට පනං, තුට්ටු, හිරමන, වහුංකැති ආදිය සැපයීමත් දක්වා ඇති ආකාරය නිදසුනක් වශයෙන් දැක්විය හැකිය. දුම්බර හී ලේකම්මිටියේ කුඹුරු බෙදීගිය ආකාරයට පරිබාහිරව කත්හාල් රාජකාරිය ද ඇතැම් තැනෙක දක්වා ඇත.
මහ ලේකම් මහත්මයා/ මහ ලේකම් රජුගේ ප්රධාන විධායක තනතුරක් හෙබවූ අයෙකි. මොහු තනතුරු ප්රමුඛතාව අනුව දෙවැනි ප්රධාන තනතුර දැරීය. මහ ලේකම්ධුරය සංකේතවත් කළ පන්හිඳ හා ලේකම්මිටිය ඇතුළත් කොඩියක් මහනුවර යුගයේදී භාවිත විය. මහ ලේකම්වරයා නුවර පෙරහැරේ ඉදිරියෙන් ගමන් කළේ මෙම කොඩියද රැගෙනය. මහ ලේකම්වරයාගේ ප්රධාන වගකීම වූයේ දිසා ලේකම් මිටිය කත්හාල් ලේකම්මිටිය, හී ලේකම් මිටිය හා කාර්යංශ ලේකම් මිටි ලියවීම, ආරක්ෂා කිරීම හා ක්රියාත්මක කිරීමයි.
දැනට ශේෂව ඇති ලේකම් මිටිවලින් කීපයක් පහත දැක් වේ.
1. සතර කෝරළේ මහ ලේකම්මිටිය - කෞදෙ J13/1986 ලිත වර්ෂය - 1747
2. සබරගමුවේ ලේකම්මිටිය - කෞදෙ 15/1976 ලිත වර්ෂය - 1790
3. සතර කෝරළේ කත්හාල් ලේකම් මිටිය - 18/698 ලිත වර්ෂය සඳහන් නොවේ.
4. සාරසිය පත්තුවේ (හාරිස්පත්තුවේ) හී ලේකම්මිටිය - ජාලේ 18/662 ලිත වර්ෂය - 1808
5. දුම්බර දුනුකාර ලේකම් මිටිය - ජලේ 18/696 ලිත වර්ෂය 1800
6. දුම්බර හී ලේකම් මිටිය අ15/1854 ලිත වර්ෂය - 1809
7. දේවමැදි හත්පත්තුවේ දුනුමාලේ මල්හාමි විදානේගේ ලේකම් මිටිය - පේවි 277457 ලිත වර්ෂය 1747
8. මාතලේ දිසාවේ හමුදාවේ ලේකම්මිටිය ලිත වර්ෂය - 1768
දැනට සුරැකිව ඇති ලේකම්මිටිවලින් බොහොමයක් කීර්ති ශ්රී රාජසිංහ (1747-1781) රාජ්‍ය සමයට අයත්ය. මෙම ලේකම්මිටිවල රාජ්‍ය පාලනය, රාජ්‍ය ආදායම, රාජ්‍ය ඉඩම් භුක්තිය, රාජ්‍ය ආරක්ෂක සංවිධානය, ඓතිහාසික හා ශාසනික සිද්ධි, වැඩවසම් ක්රමය හා සමාජ සංවිධානය, කුල ක්රමය වැනි ඉතා වැදගත් තොරතුරු අන්තර්ගතය.
පාලන බෙදීම් හා ලේකම්මිටිය
දැනට සුරක්ෂිතව පවත්නා ලේකම්මිටි බොහොමයක් මහනුවර යුගයේ අවසාන භාගයට අයත්ය. මෙම කාලය තුළදී උඩරට රාජ්‍ය පාලන කොට්ඨාස 21 ට බෙදී පැවතිණ, එනම්,
සතර කෝරළය, සත් කෝරළය, ඌව හා මාතලේ මහ දිසා ලෙසද, සබරගමුව, තුන් කෝරළය, වලපනේ, උඩ පළාත, නුවර කලාවිය, වෙල්ලස්ස, බින්තැන්න හා තමන්කඩුව දිසා ලෙසද උඩිනුවර, යටිනුවර, තුම්පනේ, හාරිස්පත්තුව, දුම්බර, හේවාහැට, කොත්මලේ, උඩ බුලත්ගම, පාත බුලත්ගම රටවල් ලෙස බෙදා තිබිණ.
මෙම ප්රධාන බෙදීම්වලට අතිරේකව කෝරළ පත්තු, ගම් වශයෙන්ද අනුබෙදීම් පැවතිණ. මේ පාලන ප්රදේශ ආවරණය වන පරිදි විවිධ ක්ෂේත්‍ර පදනම් කරගෙන ලේකම්මිටි භාවිතයේ පැවති බැව් තත්කාලීන ලේකම් මිටි විමසා බැලීමෙන් පෙනේ.
ඉහතින් දක්වන ලද ලේකම්මිටිවලට අතිරේකව තවත් බොහෝ ලේකම්මිටි තිබෙන්න ඇත. ඒවායින් කීපයක් පහත දැක් වේ.
1. මහ අතපත්තු ලේකම්මිටිය - ජාලේ 18/700
2. විහාර ලේකම්මිටියක් - 5/63/25/17
3. උඩ බුලත්ගම ලේකම්මිටිය - ජාලේ 18/670
4. පාතදුම්බර ලේකම්මිටිය - ජාලේ 18/674
5. කුරුවිට කෝරළේ ලේකම්මිටිය - ජාලේ 45/1218
6. උඩදුම්බර ලේකම්මිටිය - ජාලේ 18/673
7. කන්දපල්ල කෝරළේ ලේ.මි. - ජාලේ 18/675
8. දුම්බර උඩිස්පත්තුව - ජාලේ 18/671
9. හාරිස්පත්තුව මැදසිය පත්තුව - ජාලේ 18/680
10. යටිනුවර ලේකම්මිටිය - ජාලේ 18/693
11. පාත හේවාහැට ලේ.මි. - ජාලේ 18/686
යථොක්ත පාලන බෙදීම්වලට අනුගත වනසේ මෙම ලේකම්මිටි ලියා ඇති අන්දම පෙනේ. මෙම ප්රදේශ මහ දිසාවේවරු, දිසාවේවරු, රටේ රාළවරු, කෝරාළවරු, ගම්මහේවරු ආදී ප්රභූන්ගේ පාලන යටතේ පැවතිණ.
රජ මාලිගයේ ප්රධාන පාලන නිලධාරියා වූ මහ ලේකම් යටතේ ලේකම් කාර්යාංශය පවත්වාගෙන යනු ලැබිණ. මොහුගේ ලේකම් කාර්යාංශයේ සේවය කළ නිලධාරි මණ්ඩලයේ ප්රධාන වගකීම වූයේ ලේකම්මිටි ලිවීම හා පවත්වාගෙන යැමය. රජතුමාගේ ලේකම් කාර්යාංශයේ ඒ. ඒ. අංශ භාර ලේකම්වරු රැසක් සේවය කළ බැව් විද්වත්හු පවසති.
රජවාසල කාර්ය මණ්ඩලය 31 දෙනෙකු ගෙන් යුක්ත බවත්, ඉන් 10 දෙනකු ලේකම්වරුන් බවත් රැල්ෆ් පීරිස් සඳහන් කරයි. ජෝන් ඩොයිලිගේ ලේඛනයේ සඳහන් වන්නේ රජවාසල කාර්ය මණ්ඩලය 35 දෙනකු ගෙන් සමන්විත බවත් ඉන් 13 දෙනකු ප්රධාන ලේකම්වරුන් බවත්, 14 දෙනකු සුළු ලේකම්වරුන් බවත්ය. හිටපු ඉඩම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයකු වූ කපිල පතිරණ විමලධර්ම විද්වතුන් සඳහන් කරන්නේ කාර්ය මණ්ඩලය ලේකම්වරු 354 දෙනකු ගෙන් හා ලියන රාළවරුන් 184 දෙනකු ගෙන් සමන්විත වූ බවයි.
^DIRECTORY OF THE OFFICE HOLDERS OF THE KANDYAN KINGDOM - PP 99, 100, 105, 106,112)
මෙහි සඳහන් සෑම විද්වතෙකු විසින් ඉදිරිපත් කොට ඇති ලේකම්වරුන්ගේ නාමලේඛන සියල්ලෙහිම දැක්වෙන ලේකම් තනතුරු කීපයක් පහත දැක්වේ.
1. මහ ලේකම්, ලේකම්වරුන්ගේ ප්රධානියාය.
2. රන් ආවුද මඩුවෙ ලේකම් - රන් ආයුධ මඩුවේ භාරකරු
3. කොඩිතුවක්කු ලේකම් - 100 ට අධික රජුගේ කාලතුවක්කු හමුදාවේ ප්රධානියා.
4. බොන්ඩික් කුලමෙ ලේකම් - රාජකීය කාලතුවක්කු හමුදාවේ ප්රධානියා.
5. මඩුවෙ ලේකම් - අගනුවර මුරපළ භාරව සිටි අණදෙන්නා
6. කූණමඩුවෙ ලේකම් - රාජ්‍ය දොaලාවන් පාලනය කළ නිලධාරියා
7. දුනුකාර ලේකම් - රාජකීය දුනුකාර හමුදාවේ ප්රධානියා
8. නානායක්කාර ලේකම් - රාජදූතයන්ගේ ප්රධානියා
9. පඩිකාර ලේකම් - වැටුප් ගෙවූ හමුදාවේ ප්රධානියා
10. වෙඩික්කාර ලේකම් - කාලතුවක්කු සේනාංකයේ ප්රධානියා
11. මිරිස් තුනපහ ලේකම් - හාරිස්පත්තුවේ හී ලේකම්මිටියේ පමණක් යෙදී ඇති තනතුරකි.
(45 ඡේදය) මුළුතැන්ගෙයි මිරිස් තුනපහ භාරව සිටි ප්රමුඛ පෙළේ නිලධාරියෙකි. සාරසිය පත්තුවේ කහවතෙක් මිරිස් තුනපහ වශයෙන් (32ඩ) පත්ඉරුවේ ද මෙය සඳහන් වේ.
ලේකම්මිටිවල දක්නට ලැබෙන පදවි නම් කීපයක් ද පහත පළ වේ

1. වෙඩික්කාර ලේකම් - කෞදෙ අ15/1854 - දුම්බර හී ලේ.මි.
2. ලංසකාර ලේකම් - එම
3. අතපත්තුවෙ ලේකම් - ජාලේ 18/700
4. දෙවනු ලියපු මේ ලේකමේ වගනම් - සතර කෝරළේ මහ ලේකම්මිටිය - කෞදෙ ව13/1986
5. මේ ලේකමෙ ලියන හැටියට - දුම්බර දුනුකාර ලේ.මි. ජාලේ 18/696
6. මදුරුව යන මහ ලේකම් මහ ලේකම්මිටිය ලියන්නට රජ පත්කළේ ටික කලකින් ගබඩා නිලය දුන්නාහ - දේවමැදි, හත්පත්තුවේ දුනුමාලේ මල්හාමි විදානේගේ ලේකම්මිටිය - පේවි 277457
7. ලියන නයිදෙ - සතර කෝරළේ මහ ලේ. මි. - ව13/1986
8. ලියන රාළ - සතර කෝරළේ (හීන්) ලේ.මි. - 5/63/119 (6)
9. උඩ බොකලෙ ලේකම් - එම
10. ලේකන් පොත් - සතර කෝරළේ කත්හාල් ලේකම් මිටිය - ජාලේ 18/698
11. මඩුගල්ලේ ලියන නයිදාගේ - දුම්බර දුනුකාර ලේ. මි. 18/696
12. මඩුගල්ලේ රටේ රාළ - දුම්බර හී ලේකම්මිටිය - අ15/1854
13. පියන්ද කරණ නිලමෙ - රැල්ෆ් පීරිස් - සිංහල සමාජ සංවිධානය, මහනුවර යුගය.
දැහන් (දළුමුර සපයන නිලමෙ 14 උන්ඩිය රාළ - බදු එකතු කළ නිලධාරියෙකි.
ඉහතින් දක්වන ලද තොරතුරුවලින් මැනවින් පැහැදිලිs වන්නේ මහනුවර යුගයේ රාජ්‍ය පාලනයේදී ලේකම්වරු ප්රමුඛව කටයුතු කළ බවයි. ඔවුන් ගෙන් ඉටුවිය යුතු කාර්යභාරය එම අය භාරයේ පැවැති ලේකම්මිටිවල අන්තර්ගතව පැවති අන්දම අදාළ ලේකම්මිටි විමසා බැලීමෙන් අවබෝධ වේ.
දේශපාලන ව්යqහය
මහනුවර දේශපාලන ව්යqහය පිළිබඳ තොරතුරු හැදැරීමේදී මහා වංසය, නිකාය සංග්රහය, අස්ගිරි තල්පත වැනි සාහිත්‍ය මූලාශ්රයන්ද විදේශීය විද්වතුන්ගේ ලේඛනද උපයෝගී කරගත හැකිය. මෑත යුගයේ විද්වතුන් විසින් පළකරන ලද පර්යේෂණාත්මක කෘතිවලින්ද මේ යුගයේ ඉතිහාසය හැදැරීමට විශාල පිටිවහලක් ලැබේ.
විද්වතුන්ගේ පිළිගැනීම අනුව උඩරට රාජධානියේ සමාරම්භක රජු වශයෙන් සලකනු ලබන්නේ 1 විමලධර්මසූරිය (1592-1604) රජතුමාය. මහනුවර රාජ්‍ය සමය ඇරඹෙන්නේ මෙතැන් සිටය.
එහෙත් සඩ භුවනෙකබාහු (1341 - 1351) ෂෂෂ විකමබාහු (1357 - 1374) ඩ භුවනෙකබාහු (1372-1408) යන රජවරු ගම්පල සිටද, ඩ පරාක්රමබාහු (1344-1359) දැදිගම සිටද, ඩස පරාක්රමබාහු (1411-1467) කෝට්ටේ සිටද, සේනාසම්මත වික්රමබාහු සිරිවර්ධන සෙංකඩගලපුර සිටද, ජයවීර (1511-1551) හා කරල්ලියද්දේ බණ්ඩාර (1551-1581) පේරාදෙණියේ සිටද උඩරට පාලනය කළහ.
1 විමලධර්මසූරිය රජු දොaන කතිරිනා කුමරිය සරණ පාවාගෙන මහනුවර රාජ්යයේ නීත්යානුකූල අයිතිය තහවුරු කර ගත්තේය. දෙල්ගමු විහාරයේ සඟවා තිබුණ දන්ත ධාතූන් වහන්සේ මහනුවරට වැඩමවා නව දළ¹ මැඳුරේ තැන්පත් කිරීම නිසා ඔහුගේ රාජ්‍ය උරුමය වඩාත් ශක්තිමත් විය.
දේශීය හා විදේශීය විද්වතුන් ඉදිරිපත් කරන තොරතුරු අනුව මහනුවර රාජ්යයේ විධායක, ව්යවස්ථාදායක හා අධිකරණ කටයුතුවල, පූර්ණ බලධාරියා වූයේ රජුය. ලේකම් මිටිවල ආරම්භයේදී හෝ අගදී දැක්වෙන ප්රශත්ති ස්වරූපයේ වර්ණනා වලින්ද මේ බැව් හෙළි වේ. එහෙත් රාජ්‍ය පාලනයේදී මහා සංඝරත්නයේ හා රාජ සභාවේ උපදෙස් පිළිපැදීමට රජතුමා කටයුතු කළේය. අවශ්‍ය අවස්ථාවලදී නායක ස්වාමීන් වහන්සේලා සමඟ සාකච්ඡා කළ බවත් ඇතැම් මහජන කටයුතුවලදී උන්වහන්සේලා රාජ සභාවට කැඳවූ බවත් ඩොයිලි සඳහන් කරයි. මහනුවර රාජ්යතාන්ත්රික කටයුතුවලට දීර්ඝ කාලයක් සම්බන්ධ වූ ඩොයිලිගේ මෙම සඳහන ඉතා වැදගත්ය.
ආරම්භයේදී එක් අධිකාරම්වරයෙක්ද, ෂෂ රාජසිංහ (1629-1687) රාජ්‍ය සමයේදී දෙවැනි අදිකාරම්වරයෙක්ද, ශ්රී වික්රම රාජසිංහ (1798-1815) රාජ්‍ය සමයේදී තෙවැනි අදිකාරම්වරයෙක් ද සිටි බැව් ඩේව් සඳහන් කරයි. මොවුන් සතුව අසීමිත බලතළ පැවතිණ. ඔවුන්ට පැනවිය නොහැකි වූයේ මරණ දඬුවම පමණි.
සතර කෝරළේ, සත් කෝරළේ, ඌව හා මාතලේ භාරව මහ දිසාවේවරුද, සබරගමුව, තුන් කෝරළේ, වලපනේ, උඩපළාත, නුවර කලාවිය, වෙල්ලස්ස, බින්තැන්න හා තමන්කඩු දිසාවන් භාරව දිසාවේවරුද, උඩුනුවර, තුම්පනේ, හාරිස්පත්තුව, දුම්බර, හේවාහැට, කොත්මලේ, යටිනුවර යන රටවල් භාරව රටේ රාළවරුද සිටි බව ඩෙයිලි සඳහන් කරයි. එහෙත් මෙම ලේඛනයේ උඩබුලත්ගම හා පාතබුලත්ගම සඳහන් නොවේ.
මේ පාලන ප්රදේශ 21 ටම අදාළ ලේකම්මිටි පවත්වාගෙන ගිය බව අවිවාදයෙන් පිළිගත යුත්තකි. එහෙත් මින් සමහර පාලන ප්රදේශ සඳහා ලියවුණ ලේකම්මිටි අවිද්යමානය.
පාලන තන්ත්රයට අයත් නිලධාරීන්ගේ නම් ලේකම්මිටිවල දක්නට ලැබෙන්නේ අල්ප වශයෙනි. ඒවායේ දැක්වෙන්නේ ග්රාමනාම මුල්කරගත් තනතුරු නාම පමණි. එහෙත් සුළු වශයෙන් නිලධාරීන්ගේ නම් සඳහන් වන ස්ථානද දක්නට ඇත. එවැනි ස්ථාන කීපයක් පහත දැක්වේ.
මාතලේ හමුදාවේ ලේකම්මිටියේ එය ලියූ ලේකම්වරයාගේ නම සඳහන් වේ.
"රන්වතෙක් විජයවර්ධන සෙනෙවිරත්න පණ්ඩිත අභයකෝන් බණ්ඩාරනායක වාසල මුදියන්සේ මහත්මයෝ, යනුවෙනි. සබරගමුවේ ලේකම්මිටියේ මෙවැනි ස්ථාන හමුවේ.
"පනානෙ කොඩිතුවක්කු මොහොට්ටාල"
"කොතලාවල අතපත්තුරාළ"
"රත්වත්තේ රාජපක්ෂ මොහොට්ටාල"
මෙහිම පල්ලෙගම්පහේ අදිකාරම්ගේ නම සඳහන් වන්නේ පහත සඳහන් පරිදිය.
"පිළිමතලව්වේ විෙ-සුන්දර රාජකරුණා සෙනෙවිරත්න අභයකෝන් පණ්ඩිත මුදියන්සේ රාළහාමි විසින්"
සතර කෝරළේ හීන් ලේකම්මිටියේ සඳහන් රාජසභා නිලධාරීන්ගේ නම් පහත දැක්වේ.
"කලුපිට පත්තුවේ බඹරගම කෝරාළට"
"කිණිගොඩ කෝරළේ වඩුවාදෙණියේ කෝරාළට"
ලේකම්මිටිවල සියලුම නිලධාරීන්ගේ නම් සඳහන් වී නැතත්, පරිපාලන කටයුතුවලට ඉන් හානියක් නොවන බවත්, ලේකම්මිටි පරිපාලන කටයුතුවලට එක එල්ලේම සම්බන්ධ බවත් මෙම කරුණුවලින් සනාථ වේ.
No comments:
Post a Comment