Popular Posts
-
මෙරට විසූ ඉතාම කීර්තිමත් හින්දු පවුලකට දාව ඔහු උපත ලැබුවේ 1877 වර්ෂයේ අගෝස්තු මස 12 දිනය. ඔහුගේ පියා වූයේ මහා බ්‍රිතාන්‍යයේ අධිකරණයෙහි නීත...
-
ලේකම් මිටි තුළින් හෙළිවන මහනුවර යුගයේ රාජ් ය පාලනය එස් . සේපාල විඡේසූරිය මහනුවර යුගයේ රාජ් ය පාලනය පිළිබඳ තොරතු...
-
අනුරාධපුර මහා විහාරය බවට පත් වූ දඹදෙණිය විජයසුන්දරාරාමය පන්නල සුමේධ නාහිමි දෙවන පෑතිස් රජුගේ අනුග්රහයෙන් මිහිඳු මා හිමියන් විසින් පිහිටුව...
-
පුරාණ ලංකාවේ සහ භාරතයේ බුදුන් වහන්සේ නිරූපණය කළ මූර්ති කැටයම් පොළොන්නරු යුගයට අයත් බුද්ධ ප්ර්තිමාවක් බු ද්ධ ප්රයතිමා වන්දනයට පූර්ව කා...
-
සතර කෝරළයේ ජනාවාසකරණය පුරාවිද් යාත්මක සාක් ෂි ... ප් රියන්ත පුෂ්පකුමාර කෑගල්ල ව් යාපෘතිය - මධ් යම සංස් කෘතික අරමුද...
-
නූතන ඉදිකිරීම් ශාස්ත්‍රයට අභියෝගයක් වූ ඡේතවන දාගැබ ශ්‍රී ලංකාවේ ස්ථූප හෙවත් දාගැබ් නිර්මාණය පිළිබඳව විමසීමේ දී පැහැදිලි වන එක් ප්රධාන ...
-
තුන් ලොවටම මහා කාරුණික වු උත්තරීතර භාවයෙන් ආදරය හා සෙනෙහස දැක් වූ එකම උත්තරීතර මිනිසා අප මහා භාග්‍යවතුන් වහන්සේම විය. එයට තර්කයක් නොම...
-
ඔහුට සිහිනයක් තිබිණි. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ අගමැති හෝ ජනාධිපති පදවිය පිළිබඳව නොවේ. ඔහුගේ සිහිනය වූයේ සමස්ත ඇමරිකානු ජන...
-
Fist I was dying to finish school and Start college And the i was dying the finiss college and start working Then i was dying to marry a...
-
වැවේ ආරම්භය අදින් වසර 6000 කට පමණ පෙර වැව් තැනීම යු m% ටීස් ශිෂ්ඨාචාරයේ ඇරඹෙන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා . පසුව එය ඉන්දියාවට...
Monday, September 11, 2017
අනුරාධපුර මහා විහාරය බවට පත් වූ
දඹදෙණිය විජයසුන්දරාරාමය
පන්නල සුමේධ නාහිමි
දෙවන පෑතිස් රජුගේ අනුග්රහයෙන් මිහිඳු මා හිමියන් විසින් පිහිටුවන ලද මහාවිහාරය, දුටුගැමුණු රජතුමන් විසින් ස්ථාවර කරන ලද වූවත්, ථෙරවාදී ධර්මය ස්ථාවර කරන ලද්දේ වලගම්බා පාලන සමයේදී ත්රිපිටකධර්මය ග්රන්ථාරූඨ කිරීමෙනි. ක්රි.ව 5 වන සියවස ලක්දිවට පැමිණි බ්රාහ්මණ වංශික - බුද්ධ ඝෝෂ හිමියන්ට සිංහල අටුවා පාලියට නැගීමට අවසර දෙන ලද්දේ ඉතා තියුණු පරීක්ෂණයකට හසුකිරීමෙනි. විසුද්ධි මාර්ගය තරම් විශාල ග්රන්ථයක් රචනා කිරීමට බුද්ධඝෝෂ හිමියන්ට සිදු වූයේ එහෙයිනි.
ථෙරවාදී භික්ෂු සම්ප්රදායත් පාලි ත්රිපිටක ධර්මයත් සුරක්ෂිත කරගැනීම මහාවිහාර සම්ප්රදාය විය. මේ නිසා ග්රාමවාසී භික්ෂු පිරිසත් ආරණ්යක භික්ෂු පිරිසත් ඇතිවුණි. ක්රි. ව. 1 වන සියවස මාතලේ ත්රිපිටක ග්රාන්ථාරූඪයෙන් පසුව එහි මූලිකත්වය ගත් කුන්තගත්ත තිස්ස තෙරණුවෝ ථූපාරාමයෙන් පිට වී ගොස් ග්රන්ථා රූඪයෙන් පසුව නැවත ආපසු නොපැමිණ දිඹුලාගල වනසෙනසුනක් කරගෙන අරඤ්ඤවාසීව ග්රන්ථධුරය පුරණ ලදී.
පොළොන්නරුව රාජ්ය සමයට පෙර මූලායතන ක්රමය ඇති වී අෂ්ටමුලායතන බවට වර්ධනය විය. ත්රිපිටකය වාචෝත්ගත කළ භාණක පරපුර අහෝසි වීම නිසා මෙම අෂ්ට මූලායතන ගුරුකුල වශයෙන් බෙදී අටුවා - ටිකා හා ප්රකරණ ග්රන්ථ සම්පාදනය කරමින් පවත්වාගෙන ගියහ. ධර්මය මෙන්ම භාෂා සාහිත්යයද වර්ධනය කළෝය. පොළොන්නරුව කාලිංග මාඝ ආක්රමණය කිරීම නිසා දිඹුලාගල වනවාසී අයමෙන්ම අෂ්ට මූලායතනයන්ට අයත් භික්ෂුන්ද දඹදෙණියට සංක්රමණය වූයේ තුන්වන විජයබා රජු අභිෂේක කළ පසුවය.
මේ අනුව 1222- ග්රාමවාසී භික්ෂුන් හා වනවාසී භික්ෂූන් දඹදෙණියට කැඳවා "පළමුවන දඹදෙණි" කතිකාවත" සම්මත කරගැනීම අභිෂේක ලැබීමටත් ප්රථම 3 විජයබා රජුගේ අරමුණ හා රාජ්යය පිහිටුවීවේ අභිප්රාය මැනවින් සඳහන් වේ. මේ රජුගේ සේවාවන් අගය කරන මහාවංශය ඇතුළු වැදගත් මූලාශ්රයන් පැහැදිලි කරන්නේ 3 විජයබා රජු අනිත්, 1 වන විජයබා, දුටුගැමුණු හා පැරකුම්බා රජවරුන්ගේ සේවාවන් අගය කරමින්. නැවත එම සේවාවන් ඉටු කිරීම යුතු කමක් ලෙසට සලකා සැමවිටම තම ක්රියාදාමය සැලසුම් කළ බවය.
මේ නිසාම අගනුවර ප්රධාන විහාරස්ථාන ලෙසට විජයසුන්දරාරාමය ගොඩනංවා ගලකුරුමුල ආයතනයේ ප්රධානව සිටී. සංඝරක්චිත හිමියන් සංඝරාජ පදවියට (මාහිමි) පත් කොට. ප්රධාන විහාරස්ථානයේ පදිංචි කරවූහ. උන්වහන්සේගේ නිල ආරාමය පමණක් නොව අධ්යාපනයේ කේන්ද්රස්ථානය බවටද පත් කළහ.
විජය සුන්දරාරාමයෙන් ඉටු වූ සේවාවන් පිළිබඳව විස්තර කථනයේදී එය කෙසේ ගොඩනගන්නට ඇත්දැයි විමසීම වැදගත් වේ. සංඝරක්ත හිමියන් එවකට වැඩසිටි මීවැව ජනපදයේ විහාරස්ථානයට 3 විජයබාහු කුමරුට ගොස් ආරාධනා කර දළදා වහන්සේ සඟවා තිබූ තැනින් ගෙන්වා ගැනීම අනාගත දඹදෙණි රාජධානිය සැලසුම් කරන පිළිවෙත කථිකාවත සම්මත කරගැනීම සඳහා සියලු බහුශ්රැත තෙරවරු ගෙන්වා ගැනීම, යන ක්රියාදාමයෙන්ගෙන් පැහැදිලි වෙයි.
3 වැනි විජයබාහු රජතුමා තම පුතුන් තිදෙන - සංඝරත්ත සංඝරාජයන් වහන්සේට භාර දී භාෂා සාහිත්ය හා ධර්මය. උගන්වයි. එහෙත් යුද ශිල්පය, පුහුණු කරවනු ලැබුවේ. කවර ගුරුවරයෙකුට බාරදී දැයි සඳහනක් නොවෙයි. මහාවංශය මෙන්ම දඹදෙණි අස්න කුමරු සූසෑට ශිල්ප (64) රාජ කුමාරයෙකුට අවශ්ය අධ්යාපනය ලබා සිටිය බව සඳහන් වන අතර මුතුගල, බමුණාකොටුව, ගිනිපෙන්ද, බමුණු ගෙදර ආදී හත්කොරළයේ බ්රාහ්මණ ග්රාම හා මහා බමුණන්ට දුන් ගම්වර අනුව භාරතීය බ්රාහ්මණ පිරිස් ගෙන්වා යුද ශිල්පය ලබා දෙන්නට ඇතැයි විශ්වාස කළ හැකිය.
පසුව විජයසුන්දරාරාමයේ පමණක් නොව අවට විහාරස්ථානයේද පොළොන්නරුවෙන් පැමිණි භික්ෂූන් නේවාසික කරවා ඉගෙන ගන්නා භික්ෂූන් වහන්සේලා සියක් නමකට දින පතා රජ මැදුරෙන් දානය සපයා දුන් බව මහාවංශය, පූජාවලිය වැනි ග්රන්ථයන්හි සඳහන් වෙයි.
මෙම ක්රියාදාමය, පියරජුගෙන් පසුව ක්රියාත්මක කරන ලද්දේ 2 පැරකුම්බා කුමරු හා ඔහුගේ පුතුන් දෙදෙනා විසිනි. සිය රජු ආරම්භ කළ ත්රිපිටක ග්රන්ථ පුස්කොල පොත්වල ලියවීම උම්මග්ග ජාතකය අටදා සන්නය. පූජාවලිය සද්ධර්ම රත්නාවලිය ලියවන ලද්දේ අවියක් පුහුදුන් පොදු ජනතාවගේ ධර්මඥානයත්. බෞද්ධ ජීවන ක්රමයත් වර්ධනය කරවනු සඳහාය.
දෙවැනි පැරකුම්බා රජු රාජ්ය අභිෂේකය 1256 වසරේදී ලබාගත් බව "මීවැව විත්ති පොත" සඳහන් කරයි. එහෙත් පියරජු වයෝවෘද්ධ වූ පසුව තරුණ කුමරු ඉගෙනීම අවසන් කළ විගස පියරජුගේ රාජතාන්ත්රික කටයුතු ඉටු කර තිබේ. අනුරාධපුර මහා විහාරයෙන් ඉටු වු ශාසනික සේවාවන් පිළිබඳව අවබෝධය ලබාගෙන ත්රිපිටක ග්රන්ථ නැවත ලියවීම මහායනිකයන්ගේ බලපෑම්වලින් වළක්වා ගැනීම පාලි භාෂාව වර්ධනය කරවීම ප්රධාන සේවාවක් ලෙසට අදහස් කළ නිසාම පාලි සාහිත්ය කෘති රාශියක් දඹදෙණි රාජ්ය සමයේදී සිදුවිය. සංඝරාජ හිමියන් සංස්කෘත කාව්ය උපදෙස් වෙනුවට පාලි දහමට උචිතවන වු වුන්තෝද්ය සුබෝධාලංකාරය යන ජන්දස් අලංකාර යන කෘති දෙක සම්පාදනය කරමින් පාලි පද්ය රචනයට උපදෙස් ලබාදුනි. ලක්ෂය ලක්ෂණ සඳහා තෝරා ගන්නේ ත්රිපිටක ග්රන්ථ හා ප්රකරණ ග්රන්ථවලින් උපුටාගත් පාඨ ගෙනහැර දක්වමිනි. ලාබාල තරුණ භික්ෂූන් සඳහා පාලි භාෂා හුරුව ඇතිකරලීමට වේදේහ හිමියෝ රසවාහිනී නම් පාලි කථා ග්රන්ථය රචනා කළහ. චෝලිය බුද්ධප්පිය හිමියෝ කච්චායන වොග්ගල්ලාන ව්යාකරණ ග්රන්ථදෙකට වඩා සරල ව්යාකරණ ග්රන්ථයක් ලෙසට රූප සිද්ධිය" හා සංඝරක්ත හිමියන්ගේ සුසද්ද සිද්ධිය රචනා කෙරුණී.
අටුවා ග්රන්ථ විස්තර කෙරෙන වඩාත් සරල ටීකා ග්රන්ථ කීපයක්ම රචනා කෙරුණි. සංස්කෘත මහාකාව්ය මඟින් දෙවියන්, රජවරු, වර්ණනා කෙරුණ නිසා පාලි කාව්ය සම්ප්රදාය ඇති කරවනු සඳහා බුද්ධප්පිය හිමියන්ගේ ප-ජමධු වේදේහ හිමියන්ගේ සමන්තකූට වණ්ණනා මේධංකර හිමියන්ගේ ජීනමරිතය බුද්ධමරිතය විස්තර කෙරුණී. ධම්මකිත්ති හිමියන්ගේ මහාවංශ දෙවැනි කොටස ද සරල සිවුපද ගාථාවලින් ඉතිහාස සිදුවීම් විස්තර කෙරුණි. ජ්යෙතීර් විද්යාව සඳහා සංස්කෘත "දෛවඥ කාම ධෙනුව" රචනා කෙරුණ අතර මයුරපාද බුද්ධ පුත්ත හිමියන් යෝගාර්ණවය රචනා කර වූ අතර භේසඡ්ජ මංජුසා වෙන් ආයුර්වේද වෛද්ය ක්රමය ප්රචලිත කරවූහ.
මහා විහාරීය මහා වියත් තෙරවරුන්ගේ නියමයෙන් පාලි ථෙරවාද සම්ප්රදාය සුරක්ෂිත කරවීම සඳහා විසුද්ධි මාර්ග අටුවාව බුද්ධඝෝෂ හිමියන් ලවා රචනා කරවු අතර 2 වන පැරකුම්බා රජතුමා එය පළමුවරට සිංහලට නගන ලද්දේ පැරකුම්බා රජතුමා විසිනි. එහිදී සර්වඥ පණ්ඩිත පරාක්රම රජතුමාගේ ධර්මඥානයත් පාලිභාෂා ඥානයත් මනාව පැහැදිලි කෙරෙයි.
පස්වන කාශ්යප රජතුමන් විසින් ධම්පියා අටුවා ගැටපදය ලියා පාලි ධම්ම පදට්ඨ කථාව - සිංහලෙන් විස්තර කළ අයුරුත් බෝධි වංශය විස්තර කළ අයුරින්ම සිංහල සාහිත්ය ග්රන්ථ රාශිය දඹදෙණි යුගයේ රචනා කෙරුණි. සඛවළද හා සිඛවළඳ - විනිස ලීවා සේම, හෙරණසිඛ හා හෙරණසිඛ විනිස ලියෑවුණි. කුදුසික පදාර්ථ වනවිනිස සන්නස දඹදෙණි යුගයේදී රචනා කෙරුණි. සංස්කෘත මහාකාව්යය සම්ප්රදාය ඉක්මයමින් පෙදෙහි බුදු සිරිත යන සියබස්ලකර උපදේශය පිළිගනිමින් තෙරුවන්වැඳ (කරමින් දා පැරකුම් රජු - "කව්සිළුමිණ" ගී මහා කාව්යය රචනා කළේය. දඹදෙණියේ සිට තෙවරක් දළදා වහන්සේට පුද පූජා පැවැත් වූ අතර අඩයොදුනක් සමතල මාර්ගයක දළදා වහන්සේ සහිත කරඬුව වැඩම කරමින් මහ පෙරහැරක් සංවිධානය කර පාගමනින් ගොස් දින 90 ක් දළදා වහන්සේ උදෙසා භික්ෂූන් සමඟ පූජා උපහාර දක්වා තිබේ.
බුද්ධඝෝෂ හිමියන් ඇතුළු - භාරතීය හා බුරුමය වැනි රටවලින් ද චීනයෙන් µdහියන් හියුංසාං වැනි භික්ෂූන් වැඩම කළ අයුරින්ම සියමය බුරුමය,කම්බරට්ඨ මැලේසියාව රක්මඨග දේශය චීනය වැනි විදේශවලින් භික්ෂූන් දඹදෙණියට වැඩම කරවීය. උන්වහන්සේලා දඹදෙණිය විජය සුන්දරාරාමයට පැමිණ ථෙරවාද ත්රිපිටකයත් පාලි භාෂාවත් මැනවින් හදාලහ.
මෙම සාධක මත නිගමනය කළ හැක්කේ, භාරතයේ නාලන්දා, වික්රමශිලා, ඕදන්ත පූර් විශ්වවිද්යාල ඇති කිරීමට අනුරාධපුරයේ මහාවිහාරය බලපෑ අයුරින්ම කෙතෙක් බාධක විදේශීය ආක්රමණ පැවතිය ද දඹදෙණියේ රජවරු මහා විහාරයේ ශාසනික වූත් ජාතික වුත් සේවාවන් නැවත පුනර්ජීවනයට පත් කරලීම සඳහා දඹදෙණිය විජය සුන්දරාරාම විහාරස්ථානය උපයෝගී කරගත් බවය. නැතහොත් දඹදෙණි යුගයේ මහා විහාරය "විජයසුන්දරාරාමය" බවට පත් කරගත් බවය.
1. පාලි සාහිත්ය හා භාෂාවත් ප්රවර්ධනය සඳහා පාලි ග්රන්ථ රාශියක් රචනා කරවීම
11. බෞද්ධ ජනතාව සිංහල ධර්ම ග්රන්ථ පරිශීලනය කරවීම සඳහා උචිත ග්රන්ථ රචනා කරවීම
111. වනවාසී හා ග්රාමවාසී සියලු භික්ෂූන් වහන්සේලා දඹදෙණිය අවට පදිංචි කරවා ථෙරවාද සම්ප්රදාය ස්ථාපනය කරවීම.
1ඩ. බෝධි පූජා මෙන්ම දළදා වහන්සේ ද ඉමහත් ගෞරවයට පත් කරවමින් පුද පූජා සඳහා මහජනතාව යෙදවීම මහාවිහාරීය සම්ප්රදාය යළි ඇති කර වීමකි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment