Popular Posts

Thursday, April 26, 2012

පුරාණ ලංකාවේ සහ භාරතයේ බුදුන් වහන්සේ නිරූපණය කළ මූර්ති කැටයම්

පුරාණ ලංකාවේ සහ භාරතයේ බුදුන් වහන්සේ නිරූපණය කළ මූර්ති කැටයම් පොළොන්නරු යුගයට අයත් බුද්ධ ප්ර්තිමාවක්‌ බු ද්ධ ප්රයතිමා වන්දනයට පූර්ව කාලයේදී සංකේත වන්දනය පවතින්නට ඇති බව පුරාවිද්යායත්මක සාක්ෂි වලින් පැහැදිලි වී ඇත. ප්ර තිමා වැඳීම ආරම්භ වූයේ ධාතු වැඳීමටත්, බෝධිය වැඳීමටත් බොහෝ කලකට පසුවය. මෞයH_ යුගයෙහි බුදු පිළිම තැනීමට එකල සිටි රජවරුන් උනන්දු නොවූයේ තථාගත සම්මා සම්බුදු රජාණන්වහන්සේ කෙරෙහි පැවැති අචල ගෞරවාදර භක්‌තිය නිසා විය යුතුය. උන්වහන්සේගේ උත්තම ගුණාංග ආරෝපණය කොට පිළිම තැනීමේදී අඩුපාඩු ඇති වේයෑයි මෞර්ය කාලීන චන්ද්ර ගුප්ත, බින්දුසාර, ධර්මාශෝක යන රජවරුන් තුළ අදහස්‌ පවතින්නට ඇත. ක්රිය. පූ. 3 වැනි ශත වර්ෂයේ අසෝක කාලයේ දී බුදු පිළිම නොතිබුණු බවක්‌ දැන ගන්නට නැති බව එහිදී සිහිකටයුතුය. දැනට ලැබී ඇති අසෝක රජුගේ එකම ශිලා ලේඛනයකවත් බුදු පිළිම ගැන සඳහන් නොවේ. එහෙත් අපගේ වංසකතාවන්ට අනුව අසෝක අධිරාජ්යුයා සුවාසු දහසක්‌ ධර්මස්‌කන්ධයන්ට විහාර අසූහාරදහසක්‌ කරවීය. ශිලා ලිපිවල ඒ බව සඳහන් නොවීම තවමත් අප්රදකටය. සාංචියෙහි හා භාරුත්හි පැරැණි කැටයම්වල බුදුපිළිමයක්‌ දක්‌නට නැත. මෙහි දී බුදුරජාණන්වහන්සේ පෙනෙන්නට සිටිය යුතුම යෑයි නිසැකයෙන් සැලකිය හැකි දර්ශනවල දී පවා උන්වහන්සේ නිරූපණය වන්නේ සිරිපා සටහනක්‌ හෝ චක්රයයක්‌ හෝ මල්මාලා පළාත් සේසතකින් යට සෙවණ වුණු ආසනයන් වැනි සංකේතයකිනි. භාරුත්හි කැටයම්වල එක්‌ දර්ශණයකදී අජාසත් රජු සිරිපා සටහන ඉදිරියේ දණ ගසා සිටිනු දැක්‌වේ. එහෙත් එහි ශිලා ලිපිනේ අජාතශත්රැය බුදුන්ට අවනතව නමස්‌කාර කරයි. (අජාතසත භාගවතො වන්දතෙ) යනුවෙන් නිශ්චිත ලෙසම කියෑවේ. දඹදිව වැසියන් බුදු පිළිම සෑදීමට හා වැඳීමට පටන් ගත්තේ අසෝක සමයෙන් මෑත කාලයේදී බව ඔප්පු වන නිදසුන් රැසක්‌ම ඇත. මේතාක්‌ ඇති සාක්ෂිශ අනුව නම් බුදු පිළිම වැඳීම ඇරැඹුණේ ක්රිැ. පූ. පළමුවැනි ශත වර්ෂයේදී හෝ ඊට පසු කාලයෙක දී යෑයි එච්. කර්න් ප්රේකාශ කරයි. වේද කාලයේ දී බොහෝ දෙවිවරුන් ඇදහීම ආර්යයන් විසින් කළ නමුදු ඔවුන් විසින් සිදුකළ පිළිම වන්දනාවක්‌ නොවීය. එසේ වුවද, ක්රි . පූ. 3000 පමණ පැවති ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට (ආර්යයන්ට ඉහත කාලයේදී) අයත් පැරැණි මූර්ති හා ප්රිතිමා හමු වී ඇත. ඒ අනුව ඉන්දියාවේ පිළිම තැනීම පැවැති බව සැලකිය යුත්තකි. එම ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ අක්ෂටර තවමත් කියවා නැති හෙයින් එහි ලැබෙන ප්රදතිමා කිසියම් ආගමික ඇදහීමක්‌ සඳහා භාවිත කළේදැයි නිශ්චිතවම ප්රඑකාශ කළ නොහැකිය. කොසොල් මහ රජුගේ ඉල්ලීමකට අනුව පිළිතුරු වශයෙන් බුදු පිළිම තැනීමට බුදු රජාණන්වහන්සේ අනුදැන වදාළ බව කෝසල බිම්ම වර්ණාවෙහි සඳහන් වී ඇත්තේ මෙසේය. "මහරජ, තමහට වැඩ කැමැති කුලපුත්ර.යා විසින් දණ්‌ඩකින් වත් ගඩොලින් වත් ලෝහයෙන් වත් යකඩින් වත් තඹයෙන් වත් රිදියෙන් රත්ර‍නින් වත් මැණිකකින් වත් බුදුන් වැනි ප්ර තිමාවක්‌ කරවිය යුතු" දික්‌කොට වත් ලුහුඬු කොට වත් යටත් පිරිසෙයින් වියෑටක්‌ පමණක්‌ පුරුෂ ප්ර්මාණවත් කළමනාය." "බුද්ධ ප්රතතිමා ලක්ෂයණ" යනු භාරතීය ශිල්පා ශාස්‌ත්රක ග්රින්ථයකි. නේවාර් අක්‌ෂරයෙන් ලියූ පිටපතක්‌ ආශ්රායෙන් මේ කෘතිය මුද්රතණය කරවා ඇත. "පිළිම උත්පත්තිය" නම් සිංහල ග්රපන්ථයෙහි ඇතුළත් කරුණු බොහෝ දුරට සමාන හෙයින් මේ පිළිබඳ විස්‌තරයක්‌ කිරීම උචිත යෑයි හඟිමි. එහි ආරම්භක වාක්යසය දෙබසක ආකාරයෙන් සූත්රහයක විලාශයෙන් රචිතය. බුදුන් වහන්සේ එක්‌ කලෙක ඡේතවන විහාරයෙහි වැඩවසන සමයෙහි වරක්‌ උන්වහන්සේ තව්තිසාවට දෙව්රම්ට වැඩි සේක. එවිට ශාරිපුත්රරයන් විසින් මේ ප්රහශ්නය නඟන ලදී. ඔබ වහන්සේ පරිනිර්වාණයෙන් පසු සැදැහැවතුන් විසින් භක්‌ති ප්රසණාමය කළ යුත්තේ කෙබඳු අයුරින්ද? බුදුරජාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක. "තථාගත පරිනිර්වාණයෙන් පසු තථාගතයන් උදෙසා ප්රණතිමා කරවීමෙන් ඒවාට වැඳුම් පිඳුම් කළ හැකිය. උස්‌ වූ විශාල නුග ගසක ප්ර්මාණයකට (න්යාරගොධ පරිමණ්‌ඩලතාය) වුවද, මේ පිළිම කරවිය හැකිය. බඹයක උස ප්රරමාණයට හෝ වියතකට ප්රනමාණයකට වුව ද ඒවා කරවිය හැකිය. තථාගත ශරීරියේ සියලුම ලකුණු එහි අඩංගු විය යුතුය. බුද්ධ ප්රුතිමා නිර්මාණයේදී මූලික වශයෙන් ගැබ් විය යුතු ලක්ෂරණ රැසෙකි. දෙතිස්‌ මහා පුරිස ලක්ෂධණ (ධර්මප්රදදීපිකා) අසූ අනූව්යංපජන ඥණ බල (විසුද්ධිමාර්ගටිකා) පූර්වෝක්‌ත ලක්ෂධණවලින් අඩක්‌ හෝ බුද්ධ ප්රයතිමාවන්හි ආරෝපණය වූයේ නම් ඒ පිළිමය බුද්ධානුස්‌සතිය වැඩීමට බුද්ධ ප්රදතිමා නිර්මාණය බෞද්ධ සාහිත්යූය අනුව මේ බුදුරජාණන්වහන්සේ අනුදැන වදාළ බවක්‌ මෙයින් ගම්යෞමාන වන්නේය. ලංකාවේ බුදු පිළිම වන්දනය බුදුපිළිම පිළිබඳව විමසීමේ දී ශ්රීු ලංකාවේ එය ආරම්භ වූයේ කුමන කාලයක දී ද යන්න පිළිබඳව විවිධ විද්වත්හු විවිධ මත ප්ර්කාශ කරති. ථූපාරාමයෙහි හිඳුවන ලද බුදු පිළිමයක්‌ පිළිබඳව ඉතිහාසය දෙටුතිස්‌ රජුගේ (ක්රි්. ව. 323-333) කාලයේදී මහාවංසය ප්රපකාශ කරයි. මේ පිළිමය සැබවින්ම දේවානම්පියතිස්‌ස රජු විසින් කරවන ලද්දක්‌ ද නැතහොත් ථූපාරාමයෙහි තිබී හමුවුණු, කෙසේ ඇති වුණාදැයි පැවසීමට අගමුල නොදත් පැරැණි බුදු පිළිමයක්‌ ලංකාවේ ප්රුථම බෞද්ධ රජු කරවූ කාර්යයක්‌ ලෙසට පසු කලෙක ඇතිවුණු ප්ර මාදයකින් දක්‌වන ලද්දේද යන වග නිශ්චය කොට පැවසිය නොහේ යෑයි වල්පොල රාහුල හිමියෝ පවසති. පිළිම ගෙය ලංකාවේ ආරාමයක අංගයක්‌ වූයේ කවර කලෙකදැයි නිශ්චිතවම ප්ර කාශ කළ නොහැකිය. මහින්දාගමනය සිදුවූ අවධියේම මේ පිළිබඳව විශේෂ අවධානයක්‌ තිබූ බවත් දක්‌නට නැත. එක්‌ උදාහරණයක්‌ වශයෙන් සැලකුවහොත් මහා විහාරය සඳහා මිහිඳු මාහිමියන් සැපයූ සැලැස්‌මෙහි මහාථූපය හා මහාබෝධිය පිහිටුවීම සුදුසු තැන් නියම කරන ලද්දේ මුත් පිළිම ගෙයක්‌ තැනීම සඳහා ස්‌ථානයක්‌ නියම නොවීය. එහෙත් ක්රි . පූ. පස්‌වැනි සියවසේදී පමණවත් ප්ර චලිතව පැවැති සිංහල ප්රශවාදයක්‌ සම්පූර්ණයෙන්ම ප්රිතික්ෂේුප කළ නොහැකිය. මේ ප්ර්වාදයෙන් කියෑවෙන ලෙසට මේ බුදු පිළිමයේ පුවත ඇරැඹෙන්නේ ක්රිෂ. පූ. තුන්වැනි ශත වර්ෂය තරම් ඈත කාලයකදීය. මහාවංසය (ක්රිර. ව. 323-333) දෙටුතිස්‌ රජු කී දේ විස්‌තර කරන අවස්‌ථාවේ දී දේවානම්පියතිස්‌ස රජු විසින් ථූපාරාමයෙහි වැඩ හිඳුවන ලද මාහැඟි මනහර බුදු පිළිමයක්‌ ගැන සඳහන් වෙයි." මෙය උරුසිලා පටිමා" යනුවෙන් මහාවංශයෙහි සඳහන් වෙයි. දෙටුතිස්‌ රජු එය ථූපාරාමයෙන් රැගෙන ගොස්‌ ප්රාහචීන පබ්බත නම් ආරාමයක වැඩහිඳු වීය. (ක්රිර. ව. 334 - 362) මහසෙන් රජු මේ පිළිමය එතැනින් ගෙන ගොස්‌ අභයගිරියෙහි තැබවීය. ඡේතවන පුවරු ලිපිවල මහසල පිළිමයක්‌ අධික ස්‌තෝත්රො මුඛයෙන් වර්ණනා කරනු ලැබේ. මේ අනුව ඉමහත් ගරු සැලකිලි ලද පැරැණි සෙල් පිළිමයක්‌ තිබුණු බව මහාචාර්ය වල්පොල රාහුල හිමියෝ පවසති. හතරවැනි මිහිඳු රජුගේ සෙල්ලිපිවල සඳහන් සෙල්මුවා බුදු පිළිමය දේවානම්පියතිස්‌ස රජු ථූපාරාමයෙහි පිහිටු වූ පිළිමය වන්නට ඇතැයි ආචාර්ය වික්රතමසිංහ මහතා කල්පනා කරන අතර ක්රිෙ. ව. 5 වැනි සියවසේ දී පාහියන් අභයගිරියේදී දුටුවේ මේ පිළිමය යෑයි ඔහු විශ්වාස කරයි. බුදු පිළිම වෙනුවට සිරි පතුල් වන්දනය ඉපැරැණි ශිෂ්ටාචාරවල සිය අනුගාමිකයන් සඳහා විවිධ සාන්තුවරයන් හෝ දෙවියන් විසින් පා සටහනක්‌ තබන ලද බවට මූලාශ්රහ දක්‌නට ලැබේ. වික්රහමයෙන් විෂ්ණු දෙවියන් විශ්වය ජයගත් බව හින්දු සාහිත්යවයෙහි සඳහන් වෙයි. සිදුහත් කුමරු උපත ලද විගස ම සත්පියවරක්‌ තබා ගමන් කළ බව බෞද්ධ සාහිත්යායෙහි සඳහන් වෙයි. බුදුරජාණන් වහන්සේ සකල ලෝක සත්ත්වයාගේ සුඛය පිණිස පා ගමනින් ම වැඩම කළ අතර, යම් යම් අවස්‌ථාවල දී එම ප්ර දේශවල තම ශ්රීඩ පාද ලාංඡන සටහන තැබූ බැව් බෞද්ධ සාහිත්යණයේ සඳහන් වෙයි. මේ පිළිබඳව විමසන විට බුදුරජාණන් වහන්සේ විසින් ස්‌ථාන දෙකක තබන ලද ශ්රීිපාද ලාංඡන ගැන සංයුක්‌ත නිකායට්‌ඨ කතාවෙහි සඳහන් වී ඇත. නර්මදා නදී තීsරය අසල විසූ නාග රජුගේ ඇරයුමින් සිරිපා සටහනක්‌ බුදුරජාණන් වහන්සේ විසින් තැබීය. අනෙක්‌ ස්‌ථානය සච්චබද්ධ පර්වර්තයයි. මහා සුමන දිව්යව රාජයාගේ වාසභවනය වූ සමන්තකූටයෙහි ද බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනයේ දී සිරිපා සටහනක්‌ තැබූ බව මහාවංසයෙහි සඳහන් වෙයි. පාලි සාහිත්ය යෙහි ද බුදු සිරි පතුල් ඇති ස්‌ථාන පහක්‌ පිළිබඳව සඳහන් කර ඇත. ස්‌වණ්‌ණ මාලිකා, සුවණ්‌ණ, පබ්බත, සමන්තකූට, යෝනකපුර සහ නර්මදා නදී තීරයයි. මීට අමතරව බුරුමය, තායිලන්තය, ලාඕස්‌ හා කාම්බෝජ යන රටවල බෞද්ධ ජනතාව විසින් කරනු ලබන විශ්වාසයක්‌ නම් බුදුරජාණන් වහන්සේ ඒ ඒ රටවලට වැඩම කර සිරිපා සටහනක්‌ තැබූ බවයි. මෙය රට රටවල ජනතාව විසින් පාරම්පරිකව විශ්වාස කරන අදහසක්‌ බවට පත්වී ඇත. සිරිපතුල් වන්දනාව පිළිබඳව ඉතාමත් ගැඹුරින් හදාරණ කෙනකුට එම සිරිපතුල් වන්දනය බුදු පිළිම නිර්මාණයට බොහෝ ඈත කාලයේ සිටම පැවති බවට සාක්ෂිද ලැබේ. මෙය කොතරම් පැරැණි ද යත් බුදු පිළිම වන්දනයට ප්රැථම ස්‌තූප වන්දනය පැවැති අතර, ඊටද කලින් සිරිපතුල් වන්දනය පැවැති බවට සමහර පුරාවිද්යාමඥයන්ගේ අදහසයි. බෝධිය, වජ්රාවසනය, පාත්රටය හා කේශධාතු පාරිභෝගික ෙච්තිය වශයෙන් බෞද්ධයෝ සලකති. එම පාරිභෝගික ෙච්තියන්ට කලින් සිරිපතුල් වන්දනය පැවැති බවටද සමහරු කරුණු ඉදිරිපත් කරති. භාරතයේ සිරිපතුල් වන්දනය සිරිපතුල් වන්දනය පිළිබඳව සඳහන් කරන විට බුදු දහම ජනිත වූ භාරත දේශයේ එය වර්ධනය වූ අයුරු විමසීම වැදගත්ය. සංයුක්‌ත නිකායට්‌ඨ කතාවෙහි සඳහන් ස්‌ථාන දෙකෙන් එකක්‌ වන නර්මදා නදිය අසල පිහිටුවන ලද සිරිපා සලකුණු නූතන ඉන්දියාවේ නර්මදා නදිය පිහිටි පැරැණි දක්‌ෂිණපථ හා උත්තරපථ යන ප්රලදේශවල දේශ සීමාවෙහි පිහිටි ස්‌ථානයක්‌ ලෙස හඳුනාගෙන ඇත. සිරිපා සටහන තැබූ ස්‌ථානය වූ සච්චබද්ධ පර්වතය සුනාපරන්තයෙහි හා ග්රා මයෙහි අසල පිහිටා ඇතැයි සැලකේ. තායිලන්තයේ පසුව ලියෑවුණු පාලිs සාහිත්යරයෙහි යෝනක පුරයෙහි ද සිරිපා සටහනක්‌ ඇති බව සඳහන් වෙයි. මෙය ඉන්දියාවේ ගන්ධාර ප්රනදේශයේ හෝ උතුරු තායිලන්තයේ පැරැණි රාජධානිය වශයෙන් සඳහන් කළ හැකි බව ද කියනු ලැබේ. ක්රිල. ව. 5 වැනි සියවසේ හා 7 වැනි සියවසේ ඉන්දියාවට පැමිණි චීන භික්ෂූවන් වහන්සේ දෙනම භාරතයේ තිබූ සිරිපා සටහන් පිළිබඳව සටහන් කර ඇත. ඒවා නගරහර හා වයඹ උද්යාේන ප්රතදේශය ද සහ බිහාරයේ පාටලී පුත්තය ද වෙති. භාරතයේ බුදු සිරිපතුල් වන්දනය අසෝක යුගය තෙක්‌ ඈතට දිවෙන බව පුරාවිද්යායඥයන් විසින් පැහැදිලි කර ඇති කරුණකි. මිනිසුන් විසින් සාදන ලද සිරිපා සටහන් රැසක්‌ම භාරතයෙහි දක්‌නට ලැබෙයි. ස්‌වාට්‌ නිම්නයේ තිරාත් නම් ස්‌ථානයෙහි පර්වතයක කොටා ඇති සිරිපතුල් යුග්මය සමඟ බුද්ධ ශාක්යි මුණිගේ සිරිපතුල යෑයි සටහන් කර ඇත. ක්රිප.ව. 5 වැනි හා 7 වැනි සියවස්‌ වල භාරතයට පැමිණි චීන භික්ෂූුන්වහන්සේ දැක ඇති එක්‌ ස්‌ථානයක්‌ වශයෙන් එය සැලකේ. මානව රූපි නොවන පැරැණිම සංකේත (බුදු රජාණන් වහන්සේ උදෙසා) දක්‌නට ඇත්තේ ක්රික. පූ. 1 දක්‌වා උතුරු ඉන්දියාවේ භාරුත් හා සාංචි යන පුදබිම වලය. මෙහි බුද්ධ චරිතය දක්‌වන අවස්‌ථාවල දී බුදුරජාණන් වහන්සේ මානවරූපී ව දක්‌වා නැති අතර, එය දක්‌වා ඇත්තේ විවිධ සංකේත මගිනි. ක්රිර. ව. 2-3 සියවස්‌වලදී ආන්ද්රදd ප්රඅදේශයේ සිරිපතුල් වන්දනය ඉතා දියුණු අන්දමින් පැවැති බවට සාක්ෂි් දක්‌නට ඇත. ආන්ද්රයd ප්ර්දේශයේ සිරිපතුල් ගල් හා සලකා බලන විට උතුරු භාරතයෙහි සමකාලීනව ලැබෙන ප්ර්මාණය ඉතා අඩුය. ඉතා පුරාණ කාලයේ සිටම ඇති සිරිපතුල් යුගළ වශයෙන් දක්‌නට ඇති අතර, එහි සිරිපතුල මැද චක්රණ සංකේතය බැගින් දැකිය හැකිය. ක්රිච. ව. 2-3 සියවස්‌වල දී සිරිපතුල් ගල්වල මැද පිහිටි චක්රචය වෙනුවට අෂ්ටමංගල ලක්ෂ ණ කිහිපයක්‌ දැකිය හැකිය. ක්රි3. පූ. තෙවැනි සියවසේ සිට ආන්ද්ර‍d ප්රඅදේශයෙන් ලැබෙන සිරිපතුල් ගල්වල සංකේත අටකට වඩා දැකිය හැකිය. නිරිතදිග ඉන්දියාවේ බදාම් මහා කුවේශ්වර විහාරයෙහි බුද්ධ සිරිපතුල් ගල් සහිත ලාංඡන ඇත. ඒවා ජෛන ආගමට අයත් ඒවාද විය හැකිය. එම ලාංඡන ජෛන තීර්තංකරයන් හා ජෛන සාන්තුවරයන්ට අයත් ඒවා යෑයි සිතිය හැකි වන අතර, ඒවා ශ්රනවනබෙංගෝලාහි පිහිටා ඇත. ශ්රීට ලංකාවේ සිරිපතුල් වන්දනය බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයේ දී ශ්රී් ලංකාවට තෙවැනි වරට බුදු රජාණන්වහන්සේ වැඩම කළේ කැලණියේ නා රජුගේ ආරාධනය පරිදිය. එම ගමනේ දී සුමන කූටයෙහි සිරිපා සටහන බුදු රජාණන් වහන්සේ විසින් තබන ලද බව මහාවංසය ප්රමකාශ කරයි. මෙම ස්‌ථානය බුද්ධ පූර්ව ස්‌ථානයක්‌ විය හැකිය. ක්රිධ. ව. 5 වැනි සියවසේ දී පාහියන් හිමි ලංකාවට වැඩම කරවන අවධියේ දී බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමන ගැන ඉතා ප්ර්බල අදහස්‌ ජනතාව අතර තිබිණි. පාහියන් ශ්රී ලංකාවේ තිබූ බුදු සිරිපතුල් දෙකක්‌ පිළිබඳව සඳහන් කරයි. ඉන් එකක්‌ කඳු ශිඛරයක්‌ මත ද අනෙක උතුරේ රාජකීය නගරයේදය. උතුරු අනුරාධපුරයෙහි සිරිපතුල දක්‌නට තිබුණු බව සඳහන් කරන චීන වන්දනාකරුවන් එම සිරිපතුල වසා විශාල ස්‌තූපයක්‌ රජු විසින් කරවන ලද බව පවසා ඇත. ලංකාවට බුදුරජාණන් වහන්සේ වැඩම කර එහි නිරිතදිග ප්ර‌දේශයේ පිහිටි කන්දක සිට ලංකාවතාරසූත්රතය දේශනා කළ බව ක්රිස. ව. 7 වැනි සියවසේ දී ඉන්දියාවේ සංචාරය කළ හියුංසාං හිමි පවසා ඇත. එම සියවසෙහි ම අග භාගයෙහි ලංකාවට පැමිණි වජිරබෝධි සිරිපතුල ඇති කන්දට නැඟ එහි භාවනා කළ බවද සඳහන් වෙයි. චීන වාර්තා අනුව මෙය සුමනකූටයයි. 9 වැනි සියවසේදී සුලෙයිමාන් ද පැමිණි අතර ඔහු එය ආදම්ගේ පාදය ලෙස (ලොව ප්ර ථම මිනිසාගේ) සඳහන් කරයි. බුදු පිළිම නිර්මාණයට පසුව ද සිරිපතුල් වන්දනය දිගටම පවත්වාගෙන එන්නට ඇතැයි සිතිය හැකි සාධක සංස්‌කෘතික ත්රිිකෝණයේ අභයගිරි ව්යා පෘතියේ කැණීම්වලින් සොයාගෙන ඇත. පැරැණිතම සිරිපතුල් ගලක්‌ ලෙස කන්තරෝඩයි (කදුරුගොඩ - යාපනේ) කැණීම් වලින් සොයාගෙන ඇත. මෙහි මධ්යකයේ චක්රකයක්‌ ච ත්රි්රත්නය ද සඳහන් වෙයි. ඇඟිලි මත ස්‌වස්‌තික ලාංඡන ද දැක්‌වේ. කොඩ්ඩයිකේනි ස්‌ථානයකදී හමු වූ ක්රිම. ව. 3 වැනි සියවස අයත් වන සිරිපතුල් ගලක්‌ කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇත. මෙවැනි සිරිපතුල් ගල් නාගර්ජුන කොණ්‌ඩයෙහි ආන්ද්රළd ප්රුදේශයෙහි ද දක්‌නට ඇත. එහි අෂ්ට මංගල ලකුණු ද දැක්‌වේ. අනුරාධපුරයෙහි ථූපාරාමයෙහි සිරිපතුල් ගල් එම කැණීම් වලින් හමු වී ඇත. සිරිපතුල් ගල්, සිතුල්පව්ව, යටාලය, තිස්‌සමහරාමය ආදී ස්‌ථානවලින් ද හමුවී ඇත. කිරින්දේ ගල්බෙයඳක සිරිපතුල් කොටා ඇති අතර, ඒ සමගම බුදු දහම වැළඳ ගත් ප්රිදේශාධිපතියකු පිළිබඳව එහි සඳහන් වෙයි. මේ අනුව බුදු පිළිම වන්දනයට පූර්වයෙහි භාරතයේ මෙන්ම ලංකාවේ ද සිරිපතුල් වන්දනය පැවැති බව සඳහන් කළ යුතුව ඇත. සිරිපතුල් ගෙවල් ආසනඝර, ෙච්තියඝර, බෝධිඝර ආදී ගෘහනිර්මාණ ගැන නිතර නිතර සමන්තපාසාදිකා නිධානකථා, විසුද්ධිමග්ග, ආදී ග්රින්ථවල දක්‌නට ලැබේ. දීඝනිකාය ආදී කොට ඇති ත්රිණපිටක ග්රාන්ථවලද මහාවංසයෙහි ද මේ පිළිබඳව සඳහන් වෙයි. එසේ වුවද "පදලස ගෙවල්" හෙවත් "පාදලංඡන ගෘහ" පිළිබඳව සොයා ගැනීම අපහසුය. මේ පිළිබඳව විමසා බලන විට හතර වැනි මිහිඳු රජු විසින් ක්රිෙ. ව. 956 - 972) ප්රාතිසංස්‌කරණය කරන ලද පාදලාංඡන ගෘහ පිළිබඳව චූලවංසයෙහි සඳහන් වීම ඉතා වැදගත්ය. මෙම ගෘහය විනාශ කිරීමේ හේතුවෙන් මෙසේ ප්රචතිසංස්‌කරණය කර ඇත. භාරතයෙහි මෙන්ම ශ්රීස ලංකාවෙහි ද වන්දනීය වස්‌තුවක්‌ ලෙසින් බුදු පිළිමය පත්වීමට පෙර වජ්රයසාසනයට සහ ශ්රීල පාද ලාංඡනයට වැඳුම් පිදුම් කර ඇත. භාර්හුන් - මථුරා, අමරාවතී, නාගර්ජුණීකොණ්‌ඩ, ජගයිපේන යන ස්‌ථානවල ඇති ගල් රූකම්වල ආසන සහ ශ්රීහ පාද ලාංඡන පූජාව පිළිබඳව දක්‌නට ඇතත් සිරිපතුල් ගෙයක අවශේෂ මෙතෙක්‌ භාරතයෙන් හමුවී ඇත. ලංකාවේ මේ පිළිබඳව ද රූකම් හෝ කැටයම් දක්‌නට නැතත්, සිරිපතුල් ගල් රැසක්‌ ලංකාවේ පුරාවිද්යාපත්මක ස්‌ථානවලින් හමුවී ඇත. අභයගිරි ස්‌තූපය පිහිටි තැන කලින් ශිලා ස්‌තූපයක්‌ වූ බව වෙනත් කිසිම මූලාශ්රේයක සඳහන් නොවෙනවා පමණක්‌ නොව එහි කලින් වූයේ පාද සලකුණක්‌ වූ බව පාහියන් හිමියන්ගෙන් ඔප්පු වෙයි. එහි ශ්රීක පාද සලකුණ පිහිටුවන්නට ඇත්තේ අභයගිරි විහාරයේ භික්ෂූරන් වහන්සේ විසිනි. අභයගිරි විහාරයේ නොයෙක්‌ තැන්වලින් ලැබී ඇති ශ්රී පාද සලකුණු සහිත ගල් එහි එම සංකේතය පුදන ලද බවට සාධක වශයෙන් දැක්‌විය හැකිය. ගිරි නිගන්ඨාරාමයෙහි ගොඩනැඟිලි විනාශ කරද්දී අග්නීපවිසක ෙච්තිය ද විනාශ කරනු ලැබූ බවත් අභයගිරි විහාරය කරවීමෙන් පසුව එම අග්නිවිපසයක ෙච්තිය තිබුණු තැන ශ්රී් පාද සලකුණක්‌ පිහිටුවා තිබුණු බවත් පසුව අභයගිරි ස්‌තූපය තනා ඇත්තේ ඒ මත බවත් නිගමනය කළ හැකිය. අනුරාධපුර අවට පුරාවිද්යාව ස්‌ථානවලින් ද, දකුණේ තිස්‌සමහාරාමය, සිතුල්පව්ව, යටාලය ඇතුළු ලංකාවේ පැරැණිම බෞද්ධ ස්‌ථානවලින් සිරිපතුල් ගල් ලැබී ඇත. මේ අතර සිරිපතුල් ගල්, ආසන ගල්, සහ බුදුපිළිම යන අංශ තුනම පිහිටා ඇති ස්‌ථාන ද දක්‌නට ලැබේ. මෙවැනි ස්‌ථානයක්‌ වශයෙන් අභයගිරි හා යටාලය වෙහෙර ආශ්රි්ත පුරාවිද්යාී භූමි හඳුන්වා දිය හැකිය. යටාලය වෙහෙරේ ඇති සිරිපතුල් ගල් පිළිබඳව මෙසේ දැක්‌විය හැකිය. වජ්රාහසනය - ආසන පූජාව බුදු පිළිම නිර්මාණයට ප්ර-ථමයෙන් ජනතාව වන්දනාමාන කරන ලද ඉතා පැරැණි පූජ්යි වස්‌තුවක්‌ වශයෙන් "ආසන" දැක්‌විය හැකිය. බුදුරජාණන්වහන්සේ බුදුවීම පිණිස වැඩහුන් වජ්රාපසනය මෙහිදී සංකේතවත් වී ඇති බැව් පුරාවිද්යා්ඥයන්ගේත්a කලා ඉතිහාසඥයන්ගේත් මතය වන්නේය. භාරතීය කලා ශිල්පවල ද ආසන වන්දනයක්‌ සෘජුවම දක්‌නට නැතත් සාංචි හා භාරුත් මෙන්ම අමරාවතී යන බෞද්ධ පුදබිම්වල පැරැණි කැටයම් වලින් බුදුරජාණන්වහන්සේ වෙනුවට වජ්රාීසනය දැකිය හැකිය. ශ්රීව ලංකාවේ ආසන වන්දනය ඉතා ප්ර.චලිතව පැතිර තිබුණු බව පුරාවිද්යා්ත්මක සාක්ෂිප මගින් පැහැදිලි වී ඇති අතර, යථොක්‌ත ආසන සඳහා ආසනඝර සාදා තිබූ බව දැනට හමුවී ඇති ආසනඝර පිළිබඳ නටබුqන් වලින් ඔප්පු වී ඇත. ෙච්තියඝර, ආසනඝර හා බෝධිඝර යනු ආදිතම බෞද්ධ ගෘහ නිර්මාණ අංග තුනකි. ෙච්තියඝර හා බෝධිඝර දඹදිව තිබුණු බවට සාක්ෂිි ලැබේ. එහෙත් ආසන සඳහා කරන ලද ගෘහ විශේෂයක්‌ දඹදිව තිබුණු බවට මෙතෙක්‌ සාක්ෂිග ලැබී නැත. දැනට නෂ්ඨාවශේෂ වශයෙන් වත් ආසනඝර දක්‌නට ලැබෙන්නේ සිංහලද්වීපයෙහි පමණි. ආසන පූජාව පැරැණි බෞද්ධයන් අතර පැතිරී තිබුණු බවට දැනට ලැබී ඇති පුරාවිද්යාීත්මක සාක්ෂිජ වලින් පැහැදිලි වෙයි. දැනට ලංකාවේ හමුවී ඇති ආසනඝර කිහිපයකි. ඒවා මෙසේය. අ. හල්මිල්ලවැටිය - (අනුරාධපුර දිස්‌ත්රිීක්‌කයේ, හුරුළු පළාතේ පිහිටා ඇත) ආ. කටුවන්නාව - (කුරුණෑගල දිස්‌ත්රි‌ක්‌කයේ පිහිටා ඇත.) ඇ. උත්තිමඩුව - (අනුරාධපුර හුරුළු පළාතේ) ඈ. පුළුකුණාව - (මඩකලපුව දිස්‌ත්රි‌ක්‌කය) (මඩකලපුව දිස්‌ත්රි-ක්‌කයේ මන්මුණේ පත්තුවේ පැරැණි ගුහා ලිපි ආදිය ඇති පුළුකුණා කන්ද පාමුල මිටියාවතේ ඇති පැරැණි ගොඩනැඟිලි අත්තිවාරම් අතර ආසනයක්‌ සහිත අසුන් ගෙයක අත්තිවාරමක්‌ ඇත.) දාගැබ් සහ ආසන දාගැබ් වටා පිහිටුවා ඇති ආසනවලට කලක පටන් මලසුන් (මල් අසුන්) යෑයි කියනු ලැබේ යෑයි ද ඒවා මල් පූජාව පිණිස ගනු ලබන බවද, එහෙත් දාගැබ් වටේට සිරි පතුල් හා පසුව බුදුපිළිම තැබුවාක්‌ මෙන් ආසන ද පිහිටෙව්වේ ඒවා මත මල් තැබීම පිණිස නොව, ඒවාට වන්දනාමාන කිරීමට බව ආචාර්ය චාල්ස්‌ ගොඩකුඹුර මහතා සඳහන් කරයි.

No comments:

Post a Comment