සතර කෝරළයේ ජනාවාසකරණය
පුරාවිද්යාත්මක සාක්ෂි...
ප්රියන්ත පුෂ්පකුමාර
කෑගල්ල ව්යාපෘතිය-මධ්යම සංස්කෘතික අරමුදල
පුරාණ සතර කෝරළය බෙලිගල්, කිණිගොඩ, ගල්බොඩ හා පරණකුරු කෝරළ සතරින් සමන්විත විය. වර්තමාන කෑගලු දිස්ත්රික්කය සමන්විත වන්නේ මෙම සතර කෝරළය, තුන් කෝරළය හා පාත බුලත්ගම යන ප්රාදේශීය කොටස් ඒකරාශී කොටගෙනය. මේ අනුව පැහැදිලි වන්නේ වර්තමාන කෑගලු දිස්ත්රික්කයේ වැඩි භූමි ප්රමාණයක් පුරාණ සතර කෝරළයට අයත් වන බවය. කන්ද උඩරට පාලන සමයේදී සතර කෝරළය දිසාවේ කෙනෙකු යටතේ පාලනය විය. මෙම ප්රදේශය ආශ්රිතව ව්යාප්තව පවතින පුරාවිද්යාත්මක සාධක අනුව පුරාණ ජනාවාසකරණය පිළිබඳව සාධක බොහෝමයක් හමු වී තිබේ. අප්රකටව පවතින එම තොරතුරු මඟින් සතර කෝරළය ආශ්රිතව පැරණි ජනාවාසකරණය පිළිබඳව තොරතුරු හෙළිදරව් කරගත හැකිය. මෙම දිස්ත්රික්කය ආශ්රිතව පවතින උරුමයන් පිළිබඳව ප්රථම වරට අවධානය යොමු කොට ඇත්තේ එච්. සී. පී. බෙල් මහතාය. ඔහු මහනුවර යුගය හා එයට පෙර අවධීන් සම්බන්ධ තොරතුරු කෙරෙහි පමණක් අවධානය යොමු වුවද ප්රාග් ඓතිහාසික යුගයේ පටන් ජනාවාසකරණය පිළිබඳව සතර කෝරළය ආශ්රිතව බොහෝ තොරතුරු අධ්යයනය කළ හැකිය.
ප්රාග් ඓතිහාසික යුගයේ ජනාවාසකරණය පිළිබඳව ලංකාවෙන් බොහෝ තොරතුරු ප්රමාණයක් මේ වන විට අනාවරණය කරගෙන ඇත. ඒ අතරින් වැදගත් ස්ථාන කිහිපයක්ම සතර කෝරළයේ පිහිටා ඇත. අත්තනගොඩ අළුලෙන හා දොරවක්කන්ද ඉන් ප්රධාන වේ. මෙම සීමාවෙන් පිටත පිහිටිය ද නූතන කෑගල්ල දිස්ත්රික්කයට අයත් වන කිතුල්ගල බෙලිලෙනද එක් වැදගත් ස්ථානයකි.
මෙම ස්ථානවල සිදුකරන ලද පුරාවිද්යාත්මක පර්යේෂණ කැණීම් මඟින් මේ වන විට එකල ජීවත් වූ මානවයා පිළිබඳ බොහෝ තොරතුරු හඳුනා ගෙන තිබේ.
අත්තනගොඩ අළුලෙන 1983 දී පමණ එච්. ඩබ්ලිව්. විඡේපාල මහතා විසින් කැණීම් කටයුතු සිදුකර තිබේ. දිගින් අඩි 180 ක උසකින් අඩි 56 ක් වන මෙම ලෙන ඇතුළත අඩි 25 කින් සමන්විත වෙයි. අදින් වසර 10000 ක් පමණ පැරණි මානවයා පිළිබඳව සාධක මෙම ලෙනින් සොයා ගෙන තිබේ. පසුකාලීනව ලෙන් විහාරයක් බවට පත් වූ මෙම ස්ථානය ක්රි. පූ. දෙවන සියවසට අයත් ලෙන් ලිපියකින්ද සමන්විත වෙයි.
දොරවක්කන්ද ගල්ලෙන
ඇතුබැඳි ගල්ලෙන ඇතුපනේ ගල්ලෙන නමින්ද හඳුන්වන්නේ වරකාපොල දොරවක ගමේ පිහිටි මෙම දොරවක ගල්ලෙනයි. ගල් පුවරු දෙකක් මුදුනින් එකට එක් වීමෙන් මෙම ලෙන පිහිටා ඇත. මෙහි ප්රාග් ඓතිහාසික වැදගත්කම මුලින්ම හඳුනාගෙන ඇත්තේ 1018 දී පී. එන්. ආතර් බ්රවුනින් මහතාය.
මෙම ගුහාවේ සිදුකරන ලද පුරාවිද්යාත්මක පර්යේෂණයක් මඟින් ඉතා වැදගත් තොරතුරු රාශියක් හෙළි වී ඇත. මෙතෙක් කැණීම් කර ඇති ගල්ලෙන් අතරින් මුල්වරට නියෝලිතික යුගය පිළිබඳව සාධක හමුවන්නේ දොරවක් කන්දෙනි. අනෙක් සෑම ලෙනකම පාහේ හමු වී ඇත්තේ මෙසලිතික යුගය සම්බන්ධ සාධකය. මෙම සාධක හමුවන තෙක් ලංකාවේ නව ශිලා යුගය පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් පැන නැඟී තිබුණි.
මෙහි තිබූ ධාන්‍ය වර්ග පිළිබඳ සාධකද මැටි බඳුන් පිළිබඳ සාධකද හමු වී ඇත. කාල නිර්ණය මඟින් අදින් වසර 6300 ත් 2000 ත් අතර, කාල පරාසයට අයත් වේ.
මේ හැරුණ විට ගල් ලෙනෙහි බෑවුම් බිත්තියෙහි එකල මිනිසා සිරීමෙන් මතු කරන ලද රූපසටහන් හඳුනාගෙන තිබේ.
ඒ අතර, ඇතා හා ඇත් පැටවා, තලගොයා, ඉර හා වෙනත් ස්වභාවික ජ්යාමිතික සටහන් රාශියක්ද දක්නට ඇත. මෙම කරුණු නිසා ලංකාවේ නියෝලිතික යුගය පිළිබඳ තොරතුරු හමුවන සුවිශේෂී ස්ථානයක් ලෙස දොරවක හඳුනාගත හැකිය.
අස්මඩල
අස්මඩල ප්රදේශයේ පිහිටි ගල්ලෙන්ද ප්රාග් ඓතිහාසික වැදගත්කමින් යුතු බවට කරණු හඳුනාගත හැකිය. මේ වන විට පුරාවිද්යාත්මක පර්යේෂණ කැණීම් සිදු නොකළද මෙම ලෙන්වල සීරීමෙන් මතු කරන ලද රූපසටහන් දැකගත හැකිය. මේවා සමහරක් දොරවක් කන්ද සිතුවම්වලට සමාන වෙයි. අස්මඩල ලෙන්ද මේ අනුව ප්රාග් ඓතිහාසික මානව වාසස්ථාන ලෙස හඳුනාගත හැකිය. ඉදිරියේදී සිදුකරනු ලබන පර්යේෂණ කැණීම් මඟින් මේ සම්බන්ධව තවදුරටත් අනාවරණය කරගත හැකිය.
මෙම තොරතුරු මඟින් මේ ප්රදේශය ආශ්රිතව ප්රාග් ඓතිහාසික යුගයේ මානව ජනාවාසකරණය පිළිබඳව තොරතුරු හඳුනාගත හැකිය. මින් පසුව එළඹෙන පූර්ව ඓතිහාසික යුගයේ සාධක සම්බන්ධයෙන් සතර කෝරළය ඉතාමත් වැදගත් වේ. එම ජනාවාස පිළිබඳව තොරතුරු මේ වන විට හඳුනාගෙන ඇත.
අස්මඩල කන්ද පාමුල පිහිටි භූමියෙහි මූල ඓතිහාසික මානවයා සම්බන්ධ සොහොන් ගර්භ රාශියක් සොයා ගෙන තිබේ. මේවා ශිලා මංජුසා සොහොන් වශයෙන් හඳුනාගෙන ඇත. 80 දශකයේදී පමණ පුරාවිද්යා දෙපාර්තමේන්තුව හා විදේශීය විශ්වවිද්යාල සමඟ සිදුකරන ලද කැණීම් මඟින් මේ පිළිබඳව බොහෝ සාධක හඳුනාගෙන ඇත. මෙම ප්රදේශය අවට පිහිටි එම යුගයට අයත් මානවයන්ගේ ජනාවාස ඉදිරියේදී හඳුනාගත යුතුව ඇත. මෙම සොහොන්, ගල් පුවරු හතරක් සිරස්ව තබා කුටීරයක් සකසා ඇතුළත භෂ්මාවශේෂ තැන්පත් කොට ඒ මත ගල් පියනකින් වැසීමෙන් සකස් කර තිබේ. එය ඉබ්බන්කටුව සුසානයන්ට සමාන වේ. පදියගම්පල පිහිටි ශිලා මංචකයද මෙයට සමකාලීන ශිලා නිර්මාණයන් ලෙසට හඳුනාගෙන ඇත. මෙම ප්රදේශයද පූර්ව ඓතිහාසික යුගයේ මානවයා ජීවත් වූ ස්ථානයක් ලෙස හඳුනාගෙන ඇත. මෙවැනි ස්ථාන රාශියක් සතර කෝරළයේ පුරාවට පිහිටා ඇතැයි අනුමාන වශයෙන් හඳුනාගත හැකිය. ඉහත සඳහන් ස්ථාන දෙක මේ වන විට හඳුනාගෙන තිබේ.
මේ හැරුණු විට ඓතිහාසික යුගයේදී මෙම ප්රදේශය ආශ්රිතව ජනාවාස ව්යාප්ත වී ගිය බවට පුරාවිද්යාත්මක සාධකයන් හඳුනා ගත හැකිය. ඓතිහාසික යුගය වන විට සතර කෝරළය පුරාවටම ජනාවාස ව්යාප්ත වී තිබූ බව පැහැදිලි වේ. මේ සඳහා ප්රබල සාධකයන් වන්නේ මෙම ප්රදේශය ආශ්රිතව පිහිටා ඇති ලෙන් ලිපිය. ක්රි. පූ. තෙවන සියවසේදී සිදු වූ මහින්දාගමනයත් සමඟ ලංකාව පුරාවටම බුදු දහම ව්යාප්ත වී ගිය බව හඳුනාගත හැකිය. ඒ බව තහවුරු කෙරෙන ප්රධාන සාධකය වන්නේ ප්රධානීන් විසින් භික්ෂුන් වහන්සේලා උදෙසා පූජා කරන ලද ලෙන්ය. අනුරාධපුර, කුරුණෑගල, හම්බන්තොට ආදී දිස්ත්‍රික්ක මෙන්ම කෑගල්ල දිස්ත්රික්කය පුරාවටම බෞද්ධාගමික ප්රබෝධය සිදු වූ බව හඳුනා ගත හැකිය. ස්වභාවික ලෙන් භික්ෂුන් වහන්සේලා උදෙසා සකස් කොට ඒවා පූජා කර තිබේ. එම පූජාවන්හිදී ලෙන තුළට වැසිs ජලය ගලා ඒම වැළැක්වීම පිණිස කටාරම් කොටන ලද අතර, එම කටාරමට පහළින් ලෙන පූජා කළ අය පිළිබඳව තොරතුරු සඳහන් වේ. මෙම ලිපි ඉතා කෙටි වුවද එමඟින් සමකාලීන තොරතුරු ලබා ගත හැකිය. රජවරු, ප්රාදේශීය පාලකයන්, පරුමුකවරු, ගමිකවරු, බතවරු, ගහපතිවරු ආදීන්ගේ තොරතුරු හමුවෙයි. උපශක, ආචාරිවරුන්ද මීට අමතරව එම පුද්ගලයන්ගේ පරම්පරාවේ රාජකාරිය පිළිබඳව තොරතුරු එමඟින් ලබා ගත හැකිය.
විශේෂයෙන් යටහලෙන හා ලෙනගලින් හමුවන ලිපිවල සතර කෝරළයේ සිටි ප්රාදේශීය රජ පරපුරක් පිළිබඳව තොරතුරු හඳුනාගත හැකිය. එහි පරම්පරා කිහිපයක ප්රාදේශීය පාලකයන් සම්බන්ධ තොරතුරු නගර ආදී විස්තර දක්වයි.
පරණවිතාන මහතා මෙම පරම්පරාව අනුරාධපුර යුගයේ රාජ්‍ය පරම්පරා සමඟ සම්බන්ධ කිරීමට උත්සාහ ගෙන තිබේ. මෙම පරම්පරාව සම්බන්ධ පරපුරක් පිළිබඳව තොරතුරු අස්මඩල ලෙන් ලිපියකද දක්නට ලැබෙයි. මෙම ලෙන් ලිපි හැරුණ විට අම්බලකන්ද, හීනටිපනේ, අළුලෙන, අටුගොඩ, දීවෙල, හුණුවල, රංවල, මාම්පිට, දනගිරිගල, පදිවිගම්පල, යටහලෙන, අඹේපුස්ස, ලෙනගල, අස්මඩල ආදී සතර කෝරළයේ පිහිටි ස්ථාන රාශියකම මෙවැනි ලෙන් ලිපි හඳුනාගෙන තිබේ. මෙමඟින් මෙම කාල පරිච්ඡේදය තුළ මෙම ප්රදේශය පුරා ජනාවාස ව්යාප්තියක් හඳුනාගත හැකිය. එසේම ඒ සම්බන්ධ සංස්කෘතික තොරතුරු විශාල ප්රමාණයක් අධ්යයනය කළ හැකිය.
මේ අනුව කෑගල්ල දිස්ත්රික්කයේ පුරාවිද්යාත්මක කටයුතු පිළිබඳව අවධානය අඩුq වශයෙන් යොමු වුවද මෙම සාධක මඟින් මෙම ප්රදේශය පුරාවට ප්රාග් ඓතිහාසික යුගයේ සිට ඓතිහාසික යුගය දක්වාම ජනාවාසකරණයක් පැවතුන බවට තොරතුරු හඳුනාගත හැකිය. මෙම තොරතුරු ඔස්සේ සිදුකරන ලද ඉදිරි පර්යෙෂණ මඟින් සැඟවී ඇති තොරතුරු බොහෝමයක් හෙළිදරවු කර ගත හැකිය. එමඟින් මෙම ප්රදේශයේ නවමු තොරතුරු රාශියක්ම ලංකා ඉතිහාසයට එක්කළ හැකිවනු ඇත.